Nira avatar

සිංහල සිංදු කියන

nirmalmaduranga

Published: 22 Feb 2018 › Updated: 22 Feb 2018සිංහල සිංදු කියන

සිංහල සිංදු කියන

සිංහල සිංදු කියන
නළලේ තිලක තියන කිරිල්ලී...
තුඩින් හදවතක් අරගෙන
ගිණිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී...

දිව නුහුරු බසින් පෙම් කවි කී
කුරුල්ලාට වශීවී..
ගිනි මලින් තැනූ මල් පොකුරක්
අතට ගත්ත මනාලී..
මධුසමේ මධුර කටු අතරේ
පිපී වැනුන සුරූපී...

සිංහල සිංදු කියන...//

ගිනි අවිත් එක්ක පෙමින් බැදුනු
විහඟ සෙනග අඩාවී..
ඒ කදුළු සිංහලට නගන්න
නුඹට හැකිය ප්‍රියාවී..
ආදරය නුඹට බාරයි
රැකගනින් දේවතාවී..

සිංහල සිංදු කියන...//

ගායනය : ගුණදාස කපුගේ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : ගුණදාස කපුගේ

Leave සිංහල සිංදු කියන to:

Written by

For those who love leisure & pleasure.. Like comment vote. I'll never let you down

Read more #sinhala posts


Best Posts From Nira

We have not curated any of nirmalmaduranga's posts yet. But you can encourage our curation team to review posts by visiting them regularly and by referring other readers. Because we give priority to frequently read content.

More Posts From Nira